À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා

A+ A-

” සමාවෙන්න මහත්තයා ඔයාට ඇතුළට යන්ඩ බෑ.. ඊළග එන්න ඉක්මනට “

” ඒවුනාට පොඩ්ඩක් ඉන්න. අපෙ මල්ලි ඉන්නවා මේකේ  ම්…”

” කිව්වහම තේරුම් ගන්නවා . ඔයාව මේකේ ඇතුළට ගන්න බෑ. මෙහෙම ලකුණු කරපු අයව මේ වගේ උත්සව වලට ගන්න බෑ. අපේ රස්සාවත් ගහලා යනවා ඔයාලව ඇතුළට ගත්තොත් “

මන් හැදුනුම්පත පෙන්නලා ඇතුළට ආවත් ඇහුණු දේවල් එක්ක මන් ආයේ ඉක්මනට ආවේ ලොකු ගේට්ටුව ළගට. මයෙ අනූගේ මුළු මූණම රතු වෙලා මන් එද්දි . රාහුල් එක්ක අනූට එන්ඩ කියලා මන් ඉක්මනට එන්න හැදුවේ අනූගේ මල්ලිව හම්බෙන්න කියලා. එයාගේ අද උපාධි ප්‍රදාන උත්සවේ නිසා .

” ආන් අප්පත්ති එනෝ හලු “

අනූ එතන බැම්මේ ඉදන් ඔලුව අත් දෙකින්ම බදන් ඉද්දි රාහු අනූගේ අතත් හොලවලා පෙන්නුවේ ළගට ආපු මාව.

” මට එයාලා යන්න දෙන්නේ නෑ අප්පච්චි. මට මල්ලිව බලන්න යන්ඩ වෙන්නෑ “

” හරි හරි මැණික. හිත කලබල කර ගන්නේ ඇයි ආ… මන් ගිහිල්ලා මල්ලිව බලලා ඉක්මනට එන්නම් මයෙ අනූ ළගට ම්……. “

මන් එහෙම කියද්දී එයාගේ ඇස් වලින් කදුළු එන්න ආවත් එයා එක ළග එක ඇහි පිල්ලම් ගොඩකුත් ගහලා එයාගේ අතේ තිබ්බ රතු පාටට කතිරේ ගහපු හැදුනුම්පත කලිසම් සාක්කුවට දා ගත්තා.

” ඉක්මනට එන්න නෙවෙයි. මයෙ අප්පච්චිට පුළුවන් නම් ඉවර වෙනකම්ම එයා ළග ඉන්නවද ම්…. අද එයාට විශේෂ දවසක්. මයෙ අයියාට එයා ළග ඉන්න පුළුවන්ද. මන් මෙතෙන්ට වෙලා බලන් ඉන්නම් “

කවුරු බලන් හිටියත් නැතත් මන් මයෙ මැණිකව තදේට බදා ගත්තා. මන් දන්නවා එයාට කෑ ගහලා අඩන්න තරම් හිතෙනවා ඇති. පපුව පැලෙන්න තරම් රිදෙනවා ඇති.

ප්‍රධාන පාතාල කල්ලි නායකයා එක්ක උගේ ගෝලොයෝ ටිකටත් එල්ලුම් ගහ නියම වුණත් අනූ හිටියේ කෝමා තත්වේ නිසා එයාට එහෙම කරේ නෑ. ඒ වෙනුවට එයාගේ හැදුනුම්පත ලකුණු කලා රතු කතිරෙන්. සමාජයේ කිසිම පිළි ගැනීමක් නැති එල්ලුම් ගහෙන් නිදහස් වෙච්ච අපරාදකාරයෙක් විදිහට ලේබලේ දීමෙන්. මේ වගේ අය ගොඩක් වෙලාවට සියදිවි හානි කර ගන්න ප්‍රවානතාවේ වැඩි. ඒ නිසා තමයි මට අනූ ගැන මෙච්චර බය. සායන වලට එක්ක ගිහින් ප්‍රතිකාර කරාට මට තාම හරි බයයි අනූ ගැන. එයා එයාගේ සතුට පිටට පෙන්නුවත් දුක කියන එක අංශුමාත්‍රයක්‌ වත් පිටට පෙන්නන් නැතුව අමාරුවෙන් හරි හිනා වෙලා ඉන්න කෙනෙක්. දැන් වුණත් එයා මට බොරුවට හිනා වෙලා කිව්වේ මල්ලි ළගට යන්න කියලා. කොහොමද මන් එහෙම යන්නෙ. මට හරි බයයි යන්න. මේ වගේ දේවල් වලින් ආයේ පරණ මතක ඇවිස්සෙනවා. ඉතින් කොහොමද දාලා යන්නෙ.

” මයෙ මල්ලි මන් එනකම් බලා ගෙන ඇති අයියේ “

” හරි මන් ගිහිල්ලා එන්නම්. මෙතන ගහ යටින්ම මට පේන දුරින් වාඩි වෙලා ඉන්නවද ම්…… මයෙ සුදු මහත්තයා රාහු මැණික අප්පච්චි එනකම් ඇටයව බලා ගන්නවද හොදට …… “

” එපා අයියේ… පැටියා එක්ක යන්න අප්පච්චි “

” මන් ඉන්තම් ඇතයා එත්ත අප්පත්ති. ඔලා ගීල්ලා එන්තකු. මන් මෙලාව හුදත බලා ගන්තම්. බා වෙන්ත අපා අප්පත්ති “

එහෙම කියාගෙන මයෙ මැණික අනූගේ අතින්  අල්ලන් මන් දිහා බලලා හිනා වුණා. වාහනේ ළගට ගේන්නත් බෑ. ඒක දුරින් තියෙන්නේ. දෙන්නට ගහ යට ඉදන් ඉන්න තමයි වෙන්නේ. මන් සාක්කුවෙන් පස් එක ඇදලා අරන් අනූගේ අතට සල්ලි දෙන්න හැදුවත් එයා නෙවෙයි ගත්තෙ.

” එපා එපා අයියේ. ඔයා දුන්නු සල්ලි තියෙනවා මන් ළග. ඒක එහෙන්මයි අප්පච්චි. මන් ඒකෙන් අරන් දෙන්නම් මොනා හරි පැටියට “

” ඉන්නකෝ පොඩ්ඩක් “

ඔහොම කිව්වට මයෙ අනූ ළමයට විතරක් මොනා හරි අරන් දීල එයා පුංචි දෙයක් කාලා බඩගින්නේ ඉදියි. මන් දන් නැද්ද මයෙ මැණිකගේ හැටි. මන් ඉක්මනට පාරත් පැනලා ගියෙ එහා පැත්තේ ලොකු කඩේකට. කෝපි අයිස්ක්‍රීම් පෙට්ටියයි චොකලට් අයිස්ක්‍රීම් පෙට්ටියයි හැදි දෙකකුයි දෙන්නට කන්න බිත්තර රොටී පහකුයි අරන් මන් ඉක්මනට ආවේ අනූ ළගට.

” ඇයි මෙච්චර. රාහුට කන්න විතරක් අයිස්ක්‍රීම් පෙට්ටියක්‌ ගේන්න තිබ්බානෙ අයියේ “

” සල්ලි තියෙන්නේ මයෙ පවුලට වියදම් කරන්න තමයි මැණික. දැන් දෙන්නම ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. බඩගිනි වුනොත් කොහෙවත් යන්න ඕන්නෑ. මල්ලේ කෑම තියෙනවනේ. වතුර බෝතලෙත් තියෙනවනෙ ම්…. දෙන්නා එහෙනම් පරිස්සමින් ඉන්න “

දෙන්නගෙම නළලට හාද්දක් දීලා මන් ඉක්මනට එන්න හැදුවේ ඇතුළට. ආවට මොකද මයෙ හිත කියන්නෙම අර දෙන්නා ගාවට යන්න කියලා. මන් ඇතුළට යන්න ගිහිල්ලත් දොර ළගට වෙලා ආයේ බැලුවෙ ඈත ඉදන් මේ පැත්ත බලන් ඉන්න ඒ දෙන්නා දිහා.

              ( රාහුගේ අප්පච්චි )

” අයියා   අර ඉන්නවා අයියේ…. රාහුල්ට නම් නින්ද ගිහිල්ලද කොහෙදෝ “

” ඒක තමයි.  කොල්ලා නිදි වගේ පොඩී “

මන් මල්ලි එක්ක එද්දි අනූ නිදාගෙන ඉන්න පැටියවත් උස්සන් හිනා වී ගෙන ආවේ අපෙ පැත්තට.

” දැන් ආයේ ඕවා හිතන්න එපා අයියේ. දිනුල අයියා ආවානේ. ඕක මොකක්ද “

” ඒකනේ නේද පොඩ්ඩෝ. අයියා බොරුවට හිතනවා “

පොඩි වාහනේ ඉස්සරහින් අනූටත් විහිළු කර කර ඉද්දි මයෙ අනූ දරුවාවත් බදා ගෙන පිටිපස්සට වෙලා හිනා වෙවී ඉන්නවා. රාහු මැණික හොදට එයාගේ ඇටයව බලාගෙන ඉදලා තියෙනවා. ඔලුවත් මයෙ අනූගේ පපුවේ අස්සේ ඔබන් හොදට බදා ගෙන ගොරව ගොරව බුදි.

” අති අති කී අම්මි….. මත මෙව්වා දාන්ත හුදත “

” මන් කවන්නද රාහු “

” අපා ඇතයෝ… ඔලා කන්තකු බයි එත “

මයෙ අනූගේ අම්මා රාහුගේ පිගානෙට බත් බෙදලා දෙද්දී මායි අනුයි මේසෙට ගිහිල්ලා බත් බෙදා ගත්තා. රාහුල් ආසම කෑමක් තියෙනවා. කජු මාලුව . අපි එද්දි අම්මා කජු මාලුව හදලා මුහුදු මාළුයි මැල්ලුමකුයි මලෝලා තිබ්බා.

” කොහෙද අනූ මයෙ හෝදපු සරම තිබ්බේ. දැක්කද ආ….. හොයා ගන්න බෑනෙ වස්තු “

” කෝ අරහෙට්ට වෙන්න ඉතින්. මන් අල්මාරියට දැම්මා ඔක්කොම ටික “

එයා හොයලා දෙනකම් මන් තුවාය පිටින් එහෙන්ම ගියෙ මයෙ අනූ ළගට. රස්නි හින්දා එයත් උඩට මොකුත් නැතුව හිච්චි කොට සුදු කලිසමක්‌ ඇදන් ඉන්නවා.

” සුවදේ බැරුවා මයෙ අනූ ළග “

මයෙ අත් දෙක ඒ ඉන වටේට එතිලා මයෙ ඇග ඒ පිටට බර කරන් අනූගේ බෙල්ලට හාදු තිබ්බා වෙද්දී එයාට හිනා .

” මේ තියෙන්නේ ඔයාගෙ සරම අප්පච්චි “

” මට ඒක අන්දන්න ඉතින් “

මයෙ අනූ සරම අන්දලා යටින් තිබ්බ තුවාය කඩලා හිනා වෙවී මයෙ නහය මිරිකලා එයත් මයෙ ලොකු අත් කොට කමිසයක්‌ ඇද ගත්තා. අනූ දැන් දැන් වැඩි පුරම අදින්නේ මයෙ කමිස තමයි. ඒවා ගොඩක් ලොකු වුණාට එයා අදින්න ආසම මයෙ ඇදුම්. මයෙ අනූ මගේ කමිස ඇදන් ඉද්දි මයෙ හිතම පිරිලා යනවා අමුතු හැගීමකින් .

” මයෙ අනූ මේ දිනුලටම තමයි මවලා තියෙන්නේ මැණික. ඔයා හරි ලස්සනයි අනූ. ඔයාගෙ හැගීම් වලටත් මන් හරි ආදරෙයි වස්තු “

” දෙයක් අහන්නද අප්පච්චි. හැබැයි ඔන්න මන් ගැන වැරදි විදිහට හිතන්න බෑ හාද. මන් නිකන් අහන්නේ. මට දැන් නෙ මතක් වුනෙත් ඒක “

එයා හිනා වෙලා මට එහෙම කියලා බෑග් එකෙන් ගත්තෙ එයාගේ දින පොත. ඒ දින පොත අස්සෙන් එයා එළියට අරන් පෙන්නපු ෆොටෝ ටික හින්දා මන් ගැස්සිලා ගියා. මටවත් මතක තිබ්බේ නෑ මන් ඒ ෆොටෝස් කොහෙද හැංගුවේ කියලා. කොහොමද මයෙ අනූ ඒ ෆොටෝ කෑලි තුන හොයන් තියෙන්නේ. මයෙ උගුර පිච්චීගෙන වගේ එද්දි මට දැනුනේ ලොකු රස්නියක්.

” අප්පච්චි කවුද මේ…. “

” අ අ න්නූ “

        💥💥💥💥💥💥💥💥💥💥

” මයෙ රෙදි ටික කොහෙද ඔය ගෙනියන්නේ බේබී. තියන්න ඔහොම “

” කුණු රෙදි ටික ඔක්කොම හොද්දන්න ඕනී. අපි තුන් දෙනාගේ ඒවත් එක්ක මන් හෝදගෙන එන්නම් ඉක්මනට “

මන් පත්තරෙත් වහලා දාලා අඩියට දෙකට ගියෙ හාමු නෙවෙයි බේබී ළගට. අවුරුදු විසිඑකක් වෙච්ච දරුවෙක්ගෙ ඇදුම් හෝදන්නේ ඇයි අප්පච්චි කෙනෙක්. කරාපු පව් වලට තව තව මට පව් එකතු වේවි එයා කරන මේ වැඩ වලින් .

” පොඩි උන් දෙන්නගේ ඇදුම් හේදුවට කමක් නෑ. ඒවුනාට මයෙ ඇදුම් හෝදන්න එපා. ලොකු දරුවෙක්ගෙ ඇදුම් හෝදන්න දෙන්නේ කොහොමද අප්පච්චි කෙනෙකුට “

” ඔයා දැන් වැඩට යන හින්දා හෝදන්න ගත්තෙ මේ… වෙලාවක් නෑ නෙ මේ ටික හෝදන්න ඔයාට “

” මන් උදේට ඇවිල්ලා හෝදන්නම්. මට කෑ ගහන්න බෑ. මයෙ ඇදුම් ටික තියෙලා යන්න බේබී “

කරන්න දෙයක් නෑ බේබියි මායි දෙන්නම තේරුම් ගන්න ඕනී අපි දෙන්නගේ සම්බන්දෙ. කුණු අතීතේ අමතක කරන්න බැරි වුණත් වාර්තමානේ අපි හොදට ජීවත් වෙන්න ඕනී. හාමුගෙයි මගෙයි සම්බන්දෙ වෙනස් වුණත් පැටව් දෙන්නගේ චූටි අප්පච්චි තාමත් මන්. මැරෙනකම් ඒ දෙන්නගේ චූටි අප්පච්චි මන්ම තමයි. හාමු මයෙ දිහත් බලන් ඉදලා කාමරේට යන්න යද්දි මයෙ කටින් පිට වුණේ ලොකු හුස්මක්‌.

” අලේ තූති අප්පත්ති…. තා තුත්තක් ඉදලා යන්තකු මදේ තූති අප්පත්ති… ඔලා නතුව මත ගුදාලියත් පාඋඉ අයියූ. පතියදේ පපුවත් සිදෙනෝනේ. බුලු නවයි කියන්තෙ. ඕ ඕ අත්ත තමා තූති අප්පත්ති.. මේ තුත්තක් මෙතන අල්ලලා බලන්තකු ඔලා….. අලේ තා තිතක් ඉන්තකු……. “

” චූටි අප්පච්චි හෙට උදේන්ම එන්නම් වස්තු. චූටි මැණිකෙවයි අප්පච්චිවයි බලාගෙන හොදට ඉන්න ඕනී මයෙ ලොකු මැණික හාද “

කොල්ලා මයෙ කකුල් දෙකත් බදාගෙන ඔලුව උස්සන් ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි මන් පැටියව වඩා ගෙන තද කරලා බදා ගත්තා. චූටි මැණිකෙ නම් හාන්සි පුටුවේ නිදි. හරි ලෝභයි මයෙ මේ චූටි රතු රෝස මලව දාලා යන්න. මන් බේබිගෙ අතට නුරාදවත් දීලා දිග කබා හිටන් ඇදන් සෙරෙප්පු දෙකත් සපත්තු දෙකත් දාන් බයික් එකට නැග්ගා.

” පරිස්සමින් ගිහිල්ලා එන්න. වේගෙන් යන්න එපා….. “

” ඇතුළට යන්න. සීතළ එනවා ඇතුළට “

වලව්වේ කඩුල්ලත් පහු කරන් මන් හෙමීට යන්න ගත්තෙ පාරත් ලිස්සන හින්දා. කන්ද දිගේ පහළට යන්න යන්න තමයි මීදුම් අඩුවුනේ.

” ආ හා එන්න එන්න සර්….. “

” අනේ පලයන් බන් යන්න. වාඩි වෙලා වැඩක් කර ගනින්. හැමෝම වාඩි වෙලා වැඩ කරන්න ගන්න…”

මන් ඇතුළට ආපු හැටියේ දමියා හයියෙන් සර් ගෑවත් හරි වැඩ කර කර හිටපු අනිත් අයත් පුටු වලින් නැගිට්ටා. මේ හැමෝටම මන් සර් වුණත් අපෙ උන් හතර දෙනාට මන් සර් නෙවෙයි. උන් බොරුවටත් එක්ක හිතලම සර් කියනවා මට. මන් දමියටත් දෙකක් ඔරවගෙන මන් කලින් හිටපු මේසෙත් පාස් කරන් දොරත් ඇරගෙන ගියෙ මයෙ කාමරේට. ඉස්සර ගයාන් සර් හිටපු කාමරේ. ලොකු සතුටක් එක්ක හීනි දුකකුත් මයෙ හිතට ආවේ ගයාන් සර් නිසා. නුවර අපරාදභාර විමර්ශන පහළ බුද්ධි අන්ශෙ උප ප්‍රධාන තනතුර හම්බෙලා තිබ්බේ මට. ඒ විභාගේ වැඩිම ලකුණු වගේම යෝග්‍යතා පරීක්ෂණත් ඉහළින්ම පාස් වෙන්න මට පුළුවන් වුනා. ලොකු පුටුවේ වාඩි වුණු මගෙ ඇහැ වෙනදා වගේම ගියෙ මේසේ උඩ තිබ්බ අපි හතර දෙනාගේ රාමු කරපු ෆොටෝ එකට. මයෙ ඔක්කේ නුරාද ඉද්දි බේබිගෙ ඔක්කේ චූටි මැණික.

” සර් ඇතුළට එන්නද “

” එන්න “

කට්ටියගේ එක්කහු කරපු ලියකියවිලි ටිකත් පැත්තකින් තියාපු මන් වතුර ඩිංගක් බීලා ආපු කෙනා දිහා බැලුවා. වෙන කවුරුත් නෙවෙයි දමියා.

” යමන් තේ බොන්නෑ උබ. විහාගේ අම්මා බත් එකකුත් එවලා බන්. මට බඩගිනි ඕයී “

” අඩේ නවයත් පහු වෙලා නේද. උබලා තේ බොන්න තිබ්බනේ ඉතින් “

” අනේ මේ තෝ එනකම් බලන් හිටියා හිටියා උබ නෑ. සර්ව වඩම්මන්න මන්ම ආවා “

” යකෝ අර ටික බල බල හිටියේ. යමන් එහෙනම් තේ බොන්න “

මන් දොරත් වහගෙන දමියා එක්ක ගියෙ කෑම කාමරේට. කට්ටිය තේ බීලා ඉවරයි අපෙ හතර පස් දෙනා ඇරෙන්න.

” අනේ මොනාද මේ වස්තු……. මෙච්චර ආදරෙයිත සුදාප්පච්චි මට “

” ඊක්කා ඕයී ඒක කිව්ව කැත විතරක් “

මන් දමියගේ අතට ගෙනාපු වඩේ මල්ල දෙද්දී ඒකගේ ඇස් තරු වුණේ මට හිනාවකුත් යද්දි.. හරි පෙරේතයි මේකා. ඒවුනාට කන ඒවා කොහාට යනවද මන්දා මේකාගේ.

” අනේ විහා උබ සුදාම්මිට කතා කරන විදිහ හොදයි. මන් මේ යාලුවෙක්ට ආදරේට කතා කරද්දි තමයි උබට නගින්නේ. මයෙ මිනිහටවත් නැති කැක්කුමක්‌ උබට තියෙන්නේ “

” අපූ නවත්ත ගනින් බන්. මයෙ කන් දෙක ඉවරයි “

එහෙම කියපු බිසෝ වඩේ මල්ල අතට අරන් ඉස්සෝ වඩයක් ගත්තා. ඉස්සෝ වඩයක් කාලා තේ එකත් බීපු අපි විහාගේ තඩි බත් ගෙඩියත් කාලා දැම්මා.

” ආ සල්ලි නැන්දේ “

මන් උණු උණුවෙ තිබ්බ බිත්තර ආප්ප මල්ලත් අරන් ඉක්මනට නැග්ගේ හිල්ලාව බස් එකට. බයික් එකෙ පොඩි අවුලක් තිබිලා මන් එහෙන්ම දැම්මේ වැඩ කරන තැනට කිට්ටුවෙන්ම තිබ්බ ගරාජ් එකකට. එතකොට හෙට උදේට මට ගන්නත් ලේසිනෙ බස් එකෙන් බැහැලා. අටටත් කිට්ටුයි දැන් . යද්දි නවයට වත් කිට්ටු වෙයි. මන් ජනේලේ අයිනකට ගිහිල්ලා බලන් හිටියෙ එළිය දිහා.

         ( හිල්ලාවෙ ගමට යන පාර )

( වීරන්කෙඩුව වලව්වට යන අතුරුපාර )

කඩුල්ලෙන් ඇතුළට අපෙ පුංචි වලව්වට එද්දි වෙනදා දැනෙන හැගීම දැන් දැනෙන් නැති තරම්. බයික් එකේ සද්දේ නිසා පැටව් දෙන්නා නම් තාම දන් නෑ මන් ඇවිල්ලා කියලා. අද නම් වැස්ස නෑ අව්ව එන්න හොදට පායලා. දොරත් වහලා නිසා මන් අමතර යතුරත් ඇරගෙන ආවේ ඇතුළට.

” තා තුත්තක් තෙල් ගාන්තද අප්පත්ති “

” ඕ තා තුත්තක් අත ගාමු මාලි… “

” ඇ ති… “

කට්ටියගේ කටහඩ වල් අපේ නිදා ගන්න කාමරෙන් ඇහෙද්දී මන් කෑම මල්ලත් මේස උඩින් තියෙලා ගියෙ ඇතුළට.

            💥💥💥💥💥💥💥💥💥

බත් කෑවට මොකද මයෙ ඔලුව පැලෙන්න වගේ තාම. පැටව් දෙන්නට කෑමත් කවලා ඉස්සරහ දොරවලුත් වහලා ආවේ නිදා ගන්න කාමරේට. දැන් නම් මගෙයි නිලූෂගෙයි අපේ කාමරේට දෙන්නගෙන් එක්කෙනෙක්වත් යන්නෙ නැති තරම්.

” අයියූ අප්පත්ති අයි ඔලා දොයි “

” අප්පච්චිට ටිකක් ඔලුව කැක්කුමයි චූටි වස්තු. අයියා එක්ක ඇතුළටම වෙලා ඉන්න. අප්පච්චි ටිකක් නිදා ගන්නම් “

” මන් ඔඋව තුත්තක් අත ගාන්තම් “

පැටියා මයෙ ඔලුවට කොලෝන් ටිකකුත් හලලා අත ගද්දි ඒ චූටි ඇගිලි වල සනීපෙට නින්ද යාගෙන ආවත් එක පාරටම දුවගෙන දුවගෙන ආපු නුරාද මයෙ ඇගට පැන්නත් හරි මන් ආයේ ඇහැරුනෙ කටින් කෙදිරිත් ගෑවෙද්දී.

” හොල ගෙදියා වදේ හිමීත බයි ගන්ත නේත හදුවේ පතියත හුලෙන් ආ….”

” නෑ නෑ මැණික අප්පච්චි චුට්ටක් මෙහෙම ඉන්නම්කො “

ආයේ නිදා ගන්න ගියත් මන් ලාවට වගේ දැක්කේ මේ පැත්තට එන නිලූෂ. බයික් සද්දයක් වත් ඇහුන් නෑ නෙ. නුරාද චූටි අප්පච්චි දැක්ක හැටියේ දුවගෙන ගිහිල්ලා ඇගේ එල්ලුනා.

” සනීප නැද්ද…. “

” නෑ මේ ඔලුව ටිකක් රිදුනා. දැන් නම් පොඩ්ඩක් අඩුයි වගේ. “

මයෙ ඇවිස්සිලා තියෙන කොන්ඩෙත් හදා ගෙන මන් ඇදෙන් ඉද ගද්දි එයා මයෙ නළලට අත තියෙලා බැලුවා.

” ටිකක් රස්නියි. ඉස්පිරිතාලේ යමුකෝ පොඩ්ඩක් “

” එපා නිලූෂ. මේක පොඩි ඔලුවෙ අමාරුවක් විතරයි. අනික මට දැන් ටිකක් අඩුයි වගේ “

” නුරාද ආන් ආප්ප වගයක් තියෙනවා. මල්ලි එක බෙදා ගෙන කන්න වස්තු “

” සා…. නීමයි නෙ තූති අප්පත්ති… මාලි මේ එන්ත කන්ත  “

නුරාද චූටි මැණිකෙගේ අතිනුත් අල්ලන් දුවගෙන කාමරෙන් එළියට යද්දි නිලූෂ කමිසේ ගලවලා බැනියම පිටින් මයෙ පනාවත් අරන් ආවේ මගෙ ළගට.

” ඔයා නිදා ගන්න මහන්සි ඇති නෙ. මන් බත් බෙදන්නම් “

” එපා මන් බෙදන් කන්නම් “

එයාගේ ඇස් මගෙ දිහාට එද්දි මන් ජනේලෙන් එළිය බලා ගත්තා. මගෙ කොන්ඩේ හෙමින් සැරේ පීරපු එයා හීනි කළු බූලකුත් අරගෙන කොන්ඩේ එක්කහු කරලා ගැට ගැහුව්වා. මයෙ ඇස් වලින් ආයේ කදුළු වාන් දාද්දි මන් ඉක්මනට බිම බලා ගත්තත් එයා මාව එයාගේ බඩට තද කරන් තුරුල් කර ගත්තෙ මට ඒත් එක්කම ඉකි ගැසෙද්දී. එදා වෙච්ච සිද්දියෙන් පස්සේ මෙහෙම ළං වෙච්ච පළවෙනි පාර මේ .

” ඔයාට වගේම මටත් රිදෙනවා බේබී . ඒත් දෙන්නටම හුරු වෙන්න වෙනවා අලුතින් පටන් ගත්තු මේ ජිවිතේ.  අමාරුයි තමයි. ඒත් මොනා කරන්නද අපි දෙන්නම ඉස්සරහට අඩිය තියන්න

” මන් ලොකු වැරැද්දක්‌ කරේ…. ම් ම ට අමතක ක්‌ කරන් න අමා රු යි “

කොච්චර කරත් මට සෑහෙන්න මතක් වෙනවා ඒ අතීතේ. ඒ අතීතේ මන් ඉස්සරහ මෙහෙම ඉද්දි මට තව තව රිදෙනවා. ලෝරා යන්නම යද්දි අපි දෙන්නගේ දරුවා මයෙ ළග. මන් කීයටවත් හිතුවේ නෑ එහෙම දෙයක් හීනෙකින් වත් වෙයි කියලා.

” අමතක කරන්න අමාරුයි කියලා ඔහොම කල්පනා කර කරම ඉන්න එපා. ඉස්සරහ ගැනත් හිතන්න හාමු. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නා හොද විදිහට හදා ගන්න නම් මේ අප්පච්චි ශක්තිමත්ව ඉන්න ඕනී නේද. පසු තැවිලි වුණා කියලා අපි දෙන්නටම ලැබෙන දෙයක් නෑ හාමු “

නිලූෂ මයෙ ළගින් යන්න යද්දි මන් නැගිටලා ඇදත් හදලා ආවේ කාමරෙන් එළියට. පැටව් දෙන්නා පුංචි හාන්සි පුටුවේ එකට ඉදගෙන ආප්ප කනවා.  ආප්ප නෙවෙයි බිත්තර ආප්ප. මයෙ ආසම කෑම. එයා ගොඩක් ගෙනල්ලා.

” ඔලා කන්තෑ ද අප්පත්ති “

” අප්පත්ති එන්ත මෙතෙන්ත. වාදි වෙන්ත “

” අප්පච්චි කුස්සියට ගිහිල්ලා එන්නම්කෝ ම්…  පැටව් දෙන්නා කන්නකෝ “

මන් එළියේ කුස්සියෙ පැත්තට ගිහිල්ලා බලද්දී නිලූෂ එයාගේ රෙදි ටික හෝදනවා.

අපේ අයියා මොනා කරනවද මන්දා. අද නම් ගෙදර ඇති. නත්තල් නිවාඩු හින්දා වැඩත් නැතු ඇති . මන් කේතලේටත් වතුර එකක් දාලා ලිප පත්තු කරේ ලිප ළග හිටපු සුදු මහත්තයවත් අයින් කරලා. කියන්න බෑ නැට්ටක් හරි පුච්ච ගත්තොත්.

” පිත්තුද හලු…. ඕම නම් මත බා.. මාලි පතියා හදන්ත ඕත.  මන් තුත්තක් තීයා බලලා එන්තම් “

” නුරාද… දෙන්නා එක්ක සෙල්ලම් ගෙදර හදලා මල්ලිත් එක්කර ගෙනම සීයා බලන්න යන්න වස්තු “

” ආ හලි හලි අප්පත්ති… කු කු ඉත්මනත හදමු ඕත “

මායි නිලූෂයි ඉස්සරහ මිදුල සුද්ද කරන්න ගත්තේ ටිකක් වල් වැවිලා හින්දා. පොඩි දෙන්නා එළියේ පොඩි සෙල්ලම් ගෙයක් හදනවා.

                    ( තැම්බේරියා )

” ආ තැම්බේරියා ගෙඩි ටිකක් “

” පොඩි දෙන්නා දැක්කෙ නැද්ද “

” නෑ නිලූෂ. කූඩැල්ලෝ ඉන්න නිසා මේ පැත්තට එන්නෑ “

එහෙම කියලා මන් තැම්බේරියා ගෙඩි දෙක තුනක් කටේ දාන් ආයේ වල් ගලවන්න ගත්තා.

” ආන් අයියා එනවා “

මාත් කරාමෙන් අතපය හෝදලා ඇතුළට යද්දි නිලූෂ අරහෙම කිව්වත් හරි කඩුල්ලෙන් ඇතුළට මෝල් සතා බයික් එක දැම්මා. රාහු බයික් එක ඉස්සරහ ඉද්දි අපෙ අයියා පිටිපස්සෙන් මෝල් සතා බදා ගෙන. මල කෝලන්.

” මොකද මේ මූණත් එක්ක අමුතු වෙලා චූටි “

” එ එහෙම නෑ බන්. යන් ඇතුළට දිනූ “

උදේ ඇඩුනු පාරට මයෙ ඇස් තාම තඩිස්සන් වෙලා. අපේ අයියා ආපු ගමන් ඔලුවත් අත ගාලා ලොකු මල්ලකුත් දීලා ඇහැව්වේ ඒක වෙද්දී මන් අරහෙම කියලා බැලුවේ නිලූෂ දිහා. මන් කොහොමද කටක් ඇරලා මෙයා මයෙ දරුවා කියලා.

” කු නුලාද… නුලාද නා නෙ මාමිඕ “

” ඉන්න මන් අඩ ගහගෙන එන්නම්කෝ මැණික යාළුවො දෙන්නා “

” ආ…… “

මන් දිනූටත් කියලා යන්න හැදුවේ අප්පච්චිලා දිහාට වෙද්දී එයත් යන් කියලා එන්න හැදුවේ මාත් එක්ක.

” අනූ එනවද ම්…. “

” මන් රාහු එක්ක යන්නද පැටව් දෙන්නව අඩ ගහන් එන්න. ඔයාලා ඉන්න “

මෝල් සතා රාහු එක්ක ළමයි දෙන්නා අඩ ගහන්න මහ වලව්වට යද්දි මන් දිනූ එක්ක ආවේ කුස්සියට. නිලූෂ නම් නා ගන්න ගියා.

” චූටි මොකක්ද ප්‍රශ්නෙ ම්….. අයියට කියන්න බැරි එකක්ද “

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

ගෝතික අරන් එන්නම් 🌻🌻🌻

අදහස් වෝට් වලට යාලුලා හැමෝටම ඉස්තුතියි ගොඩාරියක් 🙏❤️
කතාව කියෝන යාලුලාටත් ගොඩාරියක් ඉස්තුතියි ❤️🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූනමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 92